ඇන්ටනීගේ කලිසම හා සම්බන්ධ කතා එකක් කියා නිම කිරීමට නොහැකි තරම් විශාල ය... ඒ තරමට ම ඇන්ටනීගේ කලිසමට අපල ය... ඇන්ටනීගේ මතකය අනුව ඔහු ප්‍රථම වතාවට දිග කලිසමක් ඇන්දේ 10 වසරේදීය... ඒ කාලයේ සිටම ඇන්ටනී සිය කලිසම ඉරා ගැනීමට හපනෙකි. ඒ ඇන්ටනීගේ ගාය නිසා ය.. මෑතකදී ඇන්ටනීගේ කලිසමට සිදු වූ ඇබැද්දියක් ගැනය මේ කතාව............
ඇන්ටනී සිය මිතුරන් කිහිප දෙනෙකුට තම කරාටේ හැකියාවන් ප්‍රදර්ශනය කරමින් සිටියේ ය... පා පහර ඇන්ටනීට හොද හැටි හුරුය... එනිසාම ඔහු කිසිදු බියක් සැකක් නැතිව ඕනෑම තැනක සිය පා පහර භාවිතා කරයි... ඇන්ටනී රගන අතර සුගතා සිය හඩ අවදි කලේය... "ආහ්..පුලුවන් නම් කකුල පැත්තෙන් උඩට උස්සලා ගහපන් බලන්න" යයි සුගතා සිය සුපුරුදු ගොන් පාට් එකක් දැමීය... ඇන්ටනීද ඕනෑම අභියෝගයකට ඔට්ටුය... විශේෂයෙන්ම පිරිසක් ඉදිරියේ සිටින විට එය තවත් උත්සන්න වේ.... කෙසේ කෙසේ හෝ සුගතාගේ අභියෝගයට රිප්ලයි එකක් දීමට ඇන්ටනී වහා ක්‍රියාත්මක විය.... එසේ ක්‍රියාත්මක වූ ඔහු පා පහරක් ගැසීය... එය සාර්ර්ථක විය... එහෙත් ඇන්ටනීට එය ප්‍රමාණවත් නොවිණි. එබැවින් ඔහු දෙවැනි වරටද කලින් එකට වඩා වෙරට පහරක් ගැසීය... ඇන්ටනීට මතක "පටෝස්" ගා හඩක් ඇසුනු බව පමණකි.... එතැන සිදුවූ දෙය දන්නෝ දනිති. ඇන්ටනීට වස නෝන්ඩියකි.... මෙය මිශ්‍ර පාසලක සිදු වූවා නම් ඇන්ටනීට සිදු වන්නේ බඩ කපාගෙන මිය යාමටය... එහෙත් ඇන්ටනීගේ වාසනාවට ඔහු අධ්‍යනය ලැබුවේ නගරයේ ආදර්ශමත් පිරිමි පාසලක ය... කෙසේ කෙසේ හෝ ඇන්ටනීට වෙනත් කලිසමක වුවමනාව තදින් දැනුණි... එතරමටම ඇන්ටනීගේ කලිසම ඉන්ජර්ඩ් ය... වාසනාවකට මෙන් ඇන්ටනීගේ බොක්කේ මිතුරෙකු වූ බෝක්කුවා වැඩේට සම්මාදන් විය... ඔහු පාසලින් හදිසි පිටවීමේ දොරටුව (කොල්ලන් අනවසර පැමිණීම් හා පිටවීම් සිදු කරන තාප්පය ) හරහා ඇන්ටනීව සිය නිවසට රැගෙන ගියේ ය.... බෝක්කුවාගේ නිවස ඇත්තේ පාසලට තරමක් සමීපයෙනි.... එහි යන අතරතුර සිදුවූ රසබර සිදුවීම් බොහෝය... ඒවා පසුවට තබමි..කෙසේ කෙසේ හෝ ඇන්ටනී බෝක්කුගේ කලිසමක් ඇදගෙන නැවත පාසලට පැමිණියේ ය.... සිය ගෞරව නාමයට සිදුවූ කැලළ පිලිබද තරමක දුකක් ඇන්ටනීට ඇති මුත් හැම දෙයක්ම සිදු වන්නේ මිනිස්සුන්ට යැයි කියා හෝ නැට්ට පිටින් අලි මැරෙද්දි ඕවා මොනවා දැයි කිය හිත හදා ගැනීමට ඔහුට හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය....
හික් හික් අපේ එකෙක් වෙඩින් එකක් වෙලාවේ නටන්න ගිහිල්ලා ඔය ටික උනා.....කස්ටියගෙම කාඩ් කුඩු ඌ නිසා.....
ReplyDeleteනැටිල්ලේ තරම මැවී පෙනේ..
Delete