මෙම කතාව කොල්ලන් පස් දෙනෙකුට සීමා කිරීමට හැදුවත් එය එසේ කළ නොහැකි වන්නේ ඇන්ටනීගේ සාමාජීය සුවතාවය නිසා ය.... කෙසේ කෙසේ හෝ ඇන්ටනීගේ කතාවට අලුතින් එකතු වන චරිතය නම් රේමා ය. රේමා යනු, ඇන්ටනීට පේළියක් ඉදිරිපසින් සිටින්නෙකි...( පේළියක් ඉදිරියෙන් සිටින්නේ හැකියාවෙන් නම් නොව.., පන්ති කාමරයේ සැකැස්ම නිසා ය ) රේමාගේ සහෝදරයා එනම් ලොකු රේමා ලගදී පිට රටක සිට සිය ගම රට බලා පැමිණියේ ය.... ශක්‍රයාගේ පුතා වයිමා පිට රටක සිට පැමිණිය ද ඔහුගෙනුත් චොකලට් බලාපොරොත්තු වීම කොල්ලන්ගේ සිරිතය... එසේ නම් ලොකු රේමා ගැන කවර කතාද..?
පසු දින රේමා පන්තියට පැමිණියේ ප්‍රමාදවීය. ඔහුට පන්ති UC දිනයක් වූ බැවින් සශිකා තම සුපුරුදු ඝණ්ටාරය හැඩවීය... කෙසේ කෙසේ හෝ බෝක්කුවා ඉමහත් සතුටින් කොස්ස රේමා අත තැබුවේ තමා UC ක්‍රියාවෙන් ගැලවීමේ සතුට ද පළ කරමිනි....කොස්ස අතට ගත් රේමා දුක් මුසු මුහුණක් මවා ගත්තේ ය. "උඹලා මරු යාලුවො තමයි" රේමා මැසිවිලි නගන්නට විය. සශිකා පිට පනින මොහොතක් බලා සිටි ඔහු කොස්ස පසෙකට දමා සිය බෑගය අතට ගත්තේ ය. රේමා සෙට් වෙන්නේ දන්සලකට බව චිපර්ට ඉවෙන් මෙන් වැටහුනේ සිය සහජ කා බෑ න්‍යාය (මෙහි කා බෑ න්‍යාය යනු කෑමට ඇති දක්ෂතාවය යි ) පසක් කරමිනි... වහා ක්‍රියාත්මක වූ චිපර් ඩෙස් පුටු පෙරලාගෙන රේමා වෙත දිවී ය. බෝක්කුවාට ද කා බෑය... ඇන්ටනීයා ද එසේමය... එහෙත් ඇන්ටනී මොල කරුය.. බළලුන් ලවා කොස් ඇට බෑවීමට ඇන්ටනී හපනෙකි... සෙට් එකම පොර කන අතරතුර බිමට වැටෙන ඒවා ඇන්ටනීගේ ඉලක්ක විය. කිසි දිනක තම ඉලක්කය වැරදුනු බවක් ඇන්ටනීට මතක නැත.... එයම පසක් කරමින් සියල්ලන්ටම වඩා වැඩි චොකලට් තොගයක් ඇන්ටනී තම ග්‍රහණයට නතු කරගත්තේ ය. මේ බව දුටු අනිත් උන්ට චොකලට් එපා විය... එතැන් පටන් සියලු දෙනා ඇන්ටනී න්‍යාය අනුගමනය කළ හ... ඇන්ටනීගේ න්‍යාය මෙයම විය.. "සියල්ලන් පොර කන තැනක අහුලන් කෑම තරම් සුවයක් මෙලොව නැත"...
එළ එළ ....
ReplyDeleteස්තූතියි...!
ReplyDeleteEla Machan!!
ReplyDelete