අතිශයින්ම පිස්සුවට

Wednesday, January 18, 2012

පහේ කල්ලිය හා ඇන්ටනී ගේ කලිසම


කොල්ලන් පස් දෙනෙක් විය.....එකෙක් ඇන්ටනීය....සමහරවිට මෙය ලියනුයේ ඔහු විය හැක... අනෙකා බෝක්කුවාය.... පිළිවෙලින් සුගතා, චිපර් (chiper) සහ කබරා සිටී..... පාසලට පැමිණෙන අතර ඇන්ටනි බස් හෝල්ට් එක මුර කරයි.. එය පවුල් පුරශ්නයකි. අත දැමීමට ගොස් දත ගලවා ගත යුතු නැත... මන්ද යත් ලගදී සිට කරාටේ උණකින් පසු වන බැවින් අතට හසු වන එකාට ගැසීම මොහු විනෝදාංශයක් කරගෙන ඇති බැවිණි... පාසල් දින උදෑසන 7.30ට කැන්ටිම අසලට පැමිණ දවසක් තුල රැස් කරගත් පච සියල්ල දිග හැර අවසන මොවුන්ගේ කල්පනාව පන්ති භාර ගුරුවරියගෙ (ගුරුවරියගේ නම සෂිකා ලෙස ගනිමු ) කච කචයෙන් බේරී පන්තියට පැණ ගන්නා ආකාරයක් පිළිබදවයි.... ඇතැම් දිනක බෝක්කු සහ ඇන්ටනි වැඩේ දෙල් කරගන්නේ සිය රැවුලට පින් සිදු වන්නටය.... එවැනි අවස්ථාවක සෂිකාගෙන් බේරීමට අපහසුය. කන් අඩිය රැවුල් ගස් වලින් තද කරගෙන මොවුන් ඉවසා දරා වදාරන සේක.... අනිත් බෙල්ට් එක සෙට් වන්නේ පන්තිය UC (පන්තිය පිරිසිදු කිරීම ) දවසකටය.... ජීවිත කාලයටම දෙවරක් හෝ තුන් වරක් පන්තිය අතු ගෑ බව ඇන්ටනීට මතකය.... අනෙක් උන්ගේ අතු ගෑමේ අත්දැකීම් මෙහි සටහන් නොකරමි. මෙසේ සෑම උදයකම මොවුහු සෂිකාට පින් සිදු වන්නට කනට මී පැණි වත් කර ගනිති............................. 
අවුරුදු 12කට ආසන්න කාලයක් පාසල් ගියද දිනකට කාලච්ඡේද 8ක් ඇති බවමොවුන් නොදනී... එයිනුත් අඩක්ම සරාගේ ( මෙහි සරා යනු පාසල් කැන්ටිමේ අයිතිකරුය ) කැන්ටිමෙන් පෝෂණය වෙමින් පච පොත් පිටු ගනන් ලියති....




                                     එදා බදාදා දිනයකි. සුපුරුදු පරිදි උදෑසන පාසල් එන අතරතුර ඇන්ටනී බස් හෝල්ට් එක මුර කිරීමේ කාර්යයේ නියැලී සිටියේ පාසල පටන් ගැනීමට ඔන්න මෙන්න තිබියදී ය.... අතට හසු වූ මිතුරන් දෙතුන් දෙනෙකු සමග ඇන්ටනී කඩිමුඩියේ පාසල් භූමියට පිය නැගී ය...මේ වන විටත් බාබර් නාලිනී.... ( කොල්ලන්ගේ කොණ්ඩා මෝස්තර වලට බෙහෙවින් ප්‍රිය කරන බැවින් ඒවා බලහත්කාරයෙන් කපා දමන ගුරුතුමිය ) සිය වැඩ අරඹා ඇති බවට ඇන්ටනීට අමතක විය... ඒ මන්ද යත් ඇන්ටනී සිය පවුල සමග සිහින ලොවක තනි වී සිටි බැවිණි... කෙසේ කෙසේ හෝ නාලිනීව මග හැරීමේ වුවමනාවට ඇන්ටනී කූඹි නොපාගා බිම බලා ගත් වනම ෂේප් වන්නට තැත් කිරීය. නමුත් අවාසනාවක මහත...! බාබර් නාලිනීගේ කට හඩ ඇන්ටනීගේ සවන වැකුනි... "තමුසේ... ඔය කොහෙද යන්නේ...මෙහේ එනවා... අන්න අතනට යනවා...".. යැයි සුමධුර හඩකින් ඇන්ටනී ආමන්ත්‍රණය කළ ඈ.. කිටි කිටියේ හිරවූ කලිසම් ඇදන් සිටි අගල් 12ට අඩු ෆෝල්ට් කොල්ලන් අතරට ඇන්ටනීව ද මුසු කළා ය.... ඇන්ටනීට තරු විසි විය... අද නම් තම කලිසමට ෂොට් එක ෂුවර් බව ඇන්ටනීට වැටහිණි... කෙසේ හෝ මේ විලි ලැජ්ජාවට ගැල විජ්ජාවක් සොයමින් ඇන්ටනී ලතවිණි.


පාසලේ ශිෂ්‍යනායකින්ගෙන් බහුතරයක් ඇන්ටනීගේ මිතුරන්ය.... හරක් සුනිල් යනු ඉන් ප්‍රමුඛ ස්ථානයක වැජඹෙන්නෙකි. ඔහු ඇන්ටනීට ඇසින් ඉගි කරමින් පැවසුවේ ක්ෂණිකව ෂේප් වී පලයන් යනුවෙනි...ඇන්ටනී වනාහි හයි කෝට් නඩුවකදී වුව ද හීන් නූලෙන් වාෂ්ප වීමට හපනෙකි.( මෙහි හයි කෝට් නඩු යනු විදුහල්පතිගේ කන්තෝරුවෙ විභාග කරන ඒවාය ) බාබර් නාලිනී යනු ඇන්ටනීට කජ්ජකි.. කෙසේ කෙසේ හෝ නාලිනීගේ ඇස් ඉවතට යොමු වන අවස්ථාවක් එන තුරු ඇන්ටනී දෑගිලි ගනිමින් සිටියේය. ඇන්ටනීගේ බලාපොරොත්තු සඵල කරමින් නාලිනී පාසලට පැමිණි පියෙකු සමග කතාවට වැටිණි... ලැබූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් ඇන්ටනී අතට හසුවූ සගයෙකුද සමග පසු නොබලා පන්ති කාමරයට විද්දේ දොඹ ගැලවෙන්න ය. ඒ අතරමගදී දුටු කිසිවක් ඇන්ටනීගේ මතකයේ නැත.( ඇත්නම් ඒවා හොර බඩුය ) ඇන්ටනීට තවමත් මතක නාලිනී ගේ සුන්දර මුහුණ පමණකි. එදිනම ඇන්ටනී ප්‍රකාශයක් නිකුත් කොට කියා සිටියේ " මේ ඇන්ටනීගේ ෆෝල්ට් එක කපන්න නාලිනීව වෙනම ට්‍රේනින් කෝස් එකකට යවන්න ඕනා" යනුවෙනි....

No comments:

Post a Comment